Photoshop පාඩම් අංක 1

Sunday, October 10, 2010


ඔන්න ඉතින් හා හා පුරා කියල මේ බ්ලොග් එකේ පලවෙනි Photoshop පාඩම දැම්ම. හරියටම කියනවනම් අද තමයි මේ බ්ලොග් එක නිල වශයෙන් පටන් ගත්තෙ (අද දවස 10.10.10). මේ බ්ලොග් එකේ Facebook පිටුව Like කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ බ්ලොග් එකේ updates ඒ පිටුවෙන් බලාගන්න පුලුවන්.



මම කලින් ඔයාලට දුන්න උපදෙස් වලදි කිව්ව නේද Photoshop වල මුලින්ම ඉගෙන ගන්න ඕනෙ කිසියම් පින්තූරයකින් තනි වස්තුවක් පමණක් කපා ගන්න හැටි කියල. ඒක නිසා මුල්ම පාඩමෙන් කියල දෙන්නෙත් මේකයි. නමුත් මේ කියල දෙන්නෙ background එක හා වස්තුව වෙන් කරන්න අමාරු image එකකින් වස්තුව වෙන් කරන විදිහයි. මේ සඳහා මං පාවිච්චි කරන්නේ පහල තියන image එකයි.



සාමාන්‍ය විදිහට මේ image එකේ background එක අයින් කරන්න අමාරුයි.බලන්න කොන්ඩය ඇති පෙදෙස.සියුම් ලෙසවත් එය සාමාන්‍ය විදියට ඉවත් කරන්න බැහැ.ඉතින් මේ tutorial එකෙන් කියල දෙන්නේ Channels භාවිතා කරමින් සංකීර්ණ images වල background ඉතාමත් සියුම් ලෙස ඉවත් කරන හැටිය.

1) මුලින්ම මේ image එක Photoshop වලින් open කරගන්න. ඊට පස්සෙ ඒ image එකේ ලේයර් (layer) එක duplicate කරගන්න (Right-click කර Duplicate Layer කියන එක click කරන්න)


-------->>>



මේ උපක්‍රමයෙන් අපිට original image එකට හානියක් නොකර duplicate layer එකෙන් වැඩ කරන්න පුළුවන්. දැන් background ලේයර් එක hide කරන්න (Visibility icon එක ක්ලික් කරන්න)


-------->>>




2) දැන් උඩ තියන Select කියන menu එකේ Colour Range කියන එකට යන්න. එවිට පහල තියන ආකාරයේ box එකක් මතු වෙයි. එවිට රතු පාටින් Highlight කර ඇති tool එක select කරන්න.



3) ඉන්පසු image එකේ background එක ක්ලික් කරන්න (මේ image එකේ නම්, මෙහි සිටින ගැහැනු ළමයාට පිටින් ක්ලික් කරන්න). Background එකේ ගොඩක් ප්‍රදේශ හසු වන සේ background එකේ විවිධ තැන් ක්ලික් කරන්න. මෙසේ කල පසු අමතර වශයෙන් මෙහි ඇති Fuzziness කියන slider එක මේ ගැහැනු ලමයා සම්පූර්ණයෙන්ම වාගේ කලු පාට වන සහ background එක සම්පූර්ණයෙන් ම සුදු වන තුරු adjust කරගන්න. ඉන්පසු Ok බොත්තම ඔබන්න.




4) දැන් එම selection එක active ව තිබියදීම Channels නම් palette එකට යන්න. දැන් Save selection as a channel කියන (8 වෙනි image එකේ රතු පාටින් highlight කර ඇති) button එක ක්ලික් කරන්න. දැන් අලුත් Alpha Channel එකක් ඔබට පෙනෙනු ඇත.


-------->>>


5) දැන් Ctrl යතුර ඔබාගෙන Alpha Channel එකේ Visible Icon එක ද RGB Channel එකේ Visible Icon එක ද ක්ලික් කරන්න.



6) ඉන්පසු කලු brush එකක් ගෙන edge ඝන කරන්න. ඉන්පසු Select මෙනුවට ගොස් Deselect කරන්න. දැන් Alpha Channel එක උඩ ක්ලික් කරන්න.


7) දැන් object (මෙහි ගැහැනු ළමයාට) එකට අයිති නොවන ප්‍රදේශ paint කරන්න. මෙහි ඇත්තටම කරන්න ඇත්තේ කලු සහ අලු පාට ඉතිරිව ඇති තැන් පිරවීමයි. මෙහිදී කුඩා හෝ ලොකු බ්‍රශ් අවශ්‍ය පරිදි භාවිතා කරන්න. මේ සඳහා සුදු පාට යොදා ගන්න. (zoom tool එක ද අවශ්‍ය විටෙක භාවිතා කරන්න).

සමහර වෙලාවල මේවා image එකේ කුමන කොටසට අයත් දැයි සෙවීමට අපහසුය. එවිට RGB Channel එකේ visible icon එක ක්ලික් කරන්න. දැන් original photo එක ඔබට පෙනෙයි (mask එක රතු පාටින් පෙනෙනු ඇත).

8) දැන් මේක හැකිතාක් දුරට Accurate කරන්න. නැවත mask view එකට යන්න RGB Channel එකේ visible icon එක ක්ලික් කරන්න.

දැන් Ctrl යතුර ඔබාගෙන Alpha Channel එක උඩ ක්ලික් කරන්න. දැන් ඔබට Active selection එක මෙසේ පෙනේවි.


9) මෙහි colour image එක බැලීමට RGB එක උඩ ක්ලික් කරන්න. දැන් Layer Palette එක ගෙන Working Layer එක select කර delete කරන්න. දැන් background එකේ masked area එක ඉවත් වේවි.


10) දැන් ඔබ මේ image එකේ background එක සාර්තකව ඉවත් කර තිබෙනවා. අවසාන වශයෙන් මෙයට Blur touch එකක් සහ වෙනත් effects ඔබට ලබා දීමට පුලුවන්.

දැන් බලන්න මේ අවසාන image එක.



ඔබ දන්නා දේ උත්සහ කරන්න. මේ විදිහට වෙනත් tools භාවිතා කර background එක ඉවත් කරන්න උත්සහ කරන්න.

මේ tutorial එකේ අපැහැදිලි තැනක් තියනවනම් මෙතන comment කරල ඒ ගැන අහන්න. අපි ඔයාලට උදව් කරන්නම්. ඒ වගේම මේ tutorial එකෙන් ඔයාල යම්කිසි දෙයක් ඉගෙන ගත්තනම් මෙතන comment කරලම යන්න. ඔයාලගෙ comments තමයි අපිට මේක ඉස්සරහට ගෙනියන්න තියන එකම ධෛර්යය.




Share කරන්න....

35 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    Good work . Keep it up

  1. dilrasan.ek said...:

    oke anthimata dala thiyena result eke kondaya wate podi podi awl ethi...eth Photoshop wedakata ganna oya hondatama ethi...mokada Edit karanakota owa peanne nehe...

  1. ඔව් ඔව්... බ්ලොග් එකේ කලු background එකක් තියන හින්ද තමයි එහෙම පේන්නෙ...

  1. මමත් try කරලා බලන්නම්.

  1. Samantha said...:

    elazz machan KIU :)

  1. පැතා said...:

    වැඞේ නියමයි! මං ගාව photo shop නෑ පුලුවන් නම් වෛයිරස් නැති හොද එකක් දීපංකො

  1. dilrasan.ek said...:

    @ පැතා - බ්ලොග් එකේ දීල තියෙන එක හොඳ එකක්....

  1. nasam said...:

    ස්තුති සහෝ

  1. dinesh said...:

    හොඳ වැඩක්.දිගටම කරගෙන යන්න.

  1. Kusal Eranga said...:

    එල..හොඳ වැඩක් මචෝ.දිගටම කරගෙන යන්න

  1. හැමෝටම බොහොම ස්තූතියි comment කරාට..... අනිවා දිගටම කරගෙන යනවා.....

  1. Chithi said...:

    GOOD WORK***Thanks...

  1. Rohan said...:

    well done bro Go...head..

  1. Anonymous said...:

    මුල ඉදන්ම easy විදියට photoshop ඉගෙන ගන්න තැනක් හොය හොයාමයි හිටියෙ. specially photo editing වලට. දිගටම ලියන්න.

  1. ස්තූතියි comment එකට... නමත් ඇතුලත් කරලම comment කරානම් තමයි හොඳ.... :)

  1. Amila said...:

    එලකිරි මචාං.. පට්ට.

  1. Anonymous said...:

    sira machan. pahadiliy.. gaanata karagena yamu.. jayawewa

  1. demiya said...:

    Maxxa wedak digatama continue karanna :D

  1. Akalanka said...:

    සහෝදරයා Photoshop Tools පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුලුවම්ද ඉස්සෙල්ලාම

  1. ඉන්පසු කලු brush එකක් ගෙන edge ඝන කරන්න. ඉන්පසු Select මෙනුවට ගොස් Deselect කරන්න. දැන් Alpha Channel එක උඩ ක්ලික් කරන්න.

    black brush eka ganna hatith kiyala dennaako... eka hoya ganna bane bro :(

  1. ගොඩක් වටිනවා.ගොඩාක්ම

  1. @චානුක ගොමස් - black brush එක ගන්න නම් වම් පැත්තෙ තියන ටූල් බාර් එකෙ තියන Brush Tool එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සෙ Foreground පාට කලු පාටට යොදන්න.

    Brush භාවිතය ගැන වැඩි විස්තර සඳහා මේ පොස්ට් එක බලන්න.

    http://psdsinhalen.blogspot.com/2010/11/photoshop-tools.html

  1. udaya said...:

    niyamai.... mata mula edala egena ganna ona ... video aekak karana puluwankamak thiyanawada brother?

  1. jith said...:

    elaaaa

  1. Anonymous said...:

    loweth nathi tutorials tikak.....thnx for the sharing u r thoughts....ඔබට ජය

  1. kandyangate said...:

    මම අද මේක කරා.ආධුනික බව හින්දා මුලින් මුලින් වැරැදුනා. නමුත් දෙතුන්පාරක්කරනකොට හරි ගියා. ස්තූතියි මේ වගේ දෙයක් ගැන කියා දුන්නාට.හෙට අනිද්දා අනික් ටිකත් අනිවාර්යයෙන්ම කරනවා.

  1. @Kandyangate - බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක ඉන්න.. :)

  1. Adobe photoshop CS6 use karanne.background layer eka ayin karala background copy layer eka ithiri kalama parana widiyatama image eka thiyenawa.meka karana widiya winadi thuna hatharaka video ekak danna baerida.? mama photoshop walata aluth...

  1. Binosha said...:

    නියමයි thanks

  1. anee meke tute baganna mokadda kranna ona

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com