Photoshop පාඩම් අංක 3

Friday, October 22, 2010

 
ටික කාලෙකින් Tutorial එකක් දාන්න බැරි උනානෙ.ඔන්න අද මම කියල දෙන්න හදන්නේ කොහොමද පින්තූරයක් ගොඩක්ම Neat විදියට cut කරල ගන්නෙ කියල.මේ Tutorial එක Follow කලාම ඔයාලට ගොඩක් ආස හිතේවි Photoshop වැඩ කරන්න.මම කියල දෙන විදියට කලාම මුකුත් ප්‍රශ්න ඇති වුනානම් ඒව අහන්න මගෙන්.මම කියල දෙන්නම්.මුලින්ම මම දාපු Tutorial එකේ ටිකක් Advanced ක්‍රමයක් තමයි Use කලේ.ඒ ක්‍රමය යොදා ගන්නේ ගොඩක්ම කෙනෙකුගෙ කොන්ඩය වගේ ටිකක් අපහසු ස්ථාන වෙන් කරගන්න ගියාමයි.


මේ පින්තූරයේ Original එක අරන් ඔයාල Edit කරන්න පටන්ගන්න.මෙතනින් බාගන්න.
අද මම මෙන්න මේ පින්තූරය වෙන් කරගන්න විදියයි කියල දෙන්නේ.පින්තූරයක් වෙන් කරගන්න පුලුවන් ක්‍රම තව තියෙනව.මොකද එක එක විදියෙ පින්තූර වෙන් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමය ඔයාල දැනගන්න ඕනි.ඉදිරි Tutorial වලින් මම එක එක ක්‍රමය කියල දෙන්නම්.


අද පාඩමට යොදාගන්න Tools මෙන්න මේවයි.

1) පින්තූරය Photoshop වලින් Open කරගන්න.

2)  දැන් පහලින් පෙන්නල තියෙන විදියට කරන්න.අනතුරුව අලුත් Layer එක Drag කරල පහලට ඇදල දාන්න.එතකොට අපි වැඩ කරන්නෙ Transparent Background එකක් යටතෙයි.Lock අයින් කලාම කොහොමත් Transparent තමයි.ඒත් පින්තූරය වෙනම Layer ලෙස එකක් තියාගන්න ඕනි නිසයි මේ විදියට කරන්නේ.


 3) Zoom tool එක Use කරල ඕනි තරමට Zoom කරගන්න.මුළු පින්තූරයම නෙවෙයි.ඕනි Area එක Zoom කරගන්න.මේ පින්තූරයේ අපි යට ඉඳන් වැඩේ පටන්ගමු.මතක ඇතුව අදාල වැඩේ කරන්නේ මොන Layer එකටද කියන එක අනුව අදාල Layer එක Select කරලම වැඩේ පටන්ගන්න.නැත්නම් Apply කරනකොට Errors ඒවි.පින්තූරය පහලින් පෙන්නල තියෙන පමණටවත් Zoom කරගන්නවනම් හොඳයි.


4) දැන් තියෙන්නේ Pen Tool එක Select කරල ඒකෙන් පින්තූරය වටේ Mark කරගෙන යන්නයි.ඒක පුරුදු වෙන්න ඕනි වැඩක්.සීරුවෙන් කරන්න ඕනි.මේ වැඩේදි මෙන්න මේ Shrotcut එක මතක තියාගන්න ඕනි. 
කල වැඩේ පස්සට යවන්න ctrl+Alt+z

Pen Tool එකෙන් එක සැරයක් Click කලාට පස්සෙ Layer Palette  එකට ගිහින් Opacity එක 0% කරන්න.ඊට පස්සෙ දිගටම Path එක Mark කරගෙන යන්න පින්තූරය වටේටම.හැබැයි පින්තූරයට ටිකක් ඇතුලෙන් Mark කරන්න.පින්තූරය Zoom කරල තියෙන නිසා ඉතාමත් සියුම්ව පින්තූරයට ඇතුල් පැත්තෙනුත් එහෙත් අග්ගිස්සෙන් අහුවෙන විදියටත් Mark කරගෙන යන්න පුලුවන් ලෙහෙසියෙන්ම.පුරුදු උනාම වෙලා යන්නෙත් නැහැ.පින්තූරය Zoom කරන්නේ අන්න ඒ Neatness එක ලබාගන්නයි.මේ පින්තූරය Neat එකට වෙන් කරගන්න පුලුවන් කියන්නෙ ඊට වඩා අමාරු පින්තූරයක් නැහැ කියන එකයි.ඒ නිසා උනන්දුවෙන් Tutorial එක කරන්න.ඉවර උනාම තේරෙයි කොයි තරම් අමාරු පින්තූරයක්ද මේ කියලා.




 

 5) ඔහොම කරගෙන ගිහින් අන්තිමේටම, පටන් ගත්ත Point එකට Click කරාම path එක Lock වෙනව.


ඔන්න ඔය විදියට පේන්න ඕනි අන්තිමටම.දැන් එක Path එකක් හරි.ඒත් බලන්න පින්තූරයේ තව තැන් තියෙනව .ඒවත් මේ විදියටම කරන්න පටන්ගන්න.එතකොට තවත් Path එකක් Add වෙයි.

6) ඔය විදියට සේරම කරගෙන ඉවර උනාම Path එක Smooth කරන්න ඕනි.ඒ කිව්වෙ රවුමට තියෙන තැන් හදන්න එපැයි ලස්සනට. ඒකට අපි කරන්නේ Pen Tool එක ගත්ත තැනම තියෙන Convert Point Tool එකයි.ඒක Select කරල Path එක උඩ එක සැරයක් Click කරන්න.දැන් ඕනි Point වලට ගිහින් ඒව උඩ Click කරල Curve එක හදන්න ගානට පහලින් පෙන්නල තියෙන විදියට.






7) දැන් පින්තූරය Neat එක Select කරල ඉවරයි.දැන් කරන්න තියෙන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කරගන්න එකයි.පින්තූරයේ පිටත කොටස් ඉවත් කරගන්නේ මෙහෙමයි.අදාල  Path එකේ Layer එක උඩ Ctrl ඔබාගෙන Click කරන්න.එතකොට Path එක Select වෙයි.අනතුරුව Menu bar එකෙන් Select---Inverse යන්න.ඊට පස්සේ Delete ඔබන්න.




දැන් Ctrl+D ඔබන්න.එතකොට Select එක අයින් වෙනව.ඇතුලෙ ඒව Ctrl ඔබාගෙන Layer එක උඩ Click කරල Delete එබුවම අයින් වෙනව.ඉතින් ඔන්න ඔය විදියට තමයි පහලින් දාල තියෙන පින්තූරය වෙන කරල ගත්තේ.ඔයාලත් Try කරල බලන්න මේ විදියට වෙන් කරගන්න පුලුවන්ද කියල.

Share කරන්න....

4 ප්‍රතිචාර:

  1. එල සහෝ.... ;-)

  1. හොදට පැහැදිලිව තියෙනව සහෝ.....සුභ පැතුම්..!!

  1. dilrasan.ek said...:

    බොහොම ස්තූතියි අදහස් වලට...දිගටම රැඳී ඉන්න...අලුත් පාඩම් අල්ලගන්න..

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com