Photoshop පාඩම් අංක 4

Saturday, October 23, 2010
 


ඔන්න මම අද ගෙනාවෙ ඔයාලට ලේසියෙන්ම කරන්න පුලුවන් ගොඩක් ප්‍රයෝජනවත් වන tutorial එකක්. මේ tutorial එකෙන් ඔයාලට මම කියල දෙන්නෙ කළු සුදු (Black & White) ඉමේජයකට පාට යොදන හැටිය.පහත දීල තියන පියවර අනුගමනය කරල මේක ඔබටත් කරන්නට පුළුවන්.



1) මුලින්ම කර යුත්තේ කළු සුදු (Black & White) ඉමේජය Photoshop තුලින් Open කර ගැනීමයි. මේ සඳහා මම භාවිතා කලේ පහත ඇති පින්තූරයයි. (මෙතැනින් බාගන්න)




2) ඉන්පසු Image menu එකේ Mode කියන එකට ගොස් එහි ඇති RGB Color හෝ CMYK Color දෙකෙන් එකකට මාරු කරන්න. මීලඟට ඔබට පාට යෙදීමට අවශ්‍ය කොටස් Select කර ගන්න. මේ සඳහා Magnetic Lasso Tool එක භාවිතා කරන්න.




3) දැන් උඩ තියන toolbar එකේ Images කියන එකට ගොස් එහි ඇති Adjustments menu එකේ Colour Balance කියන එකට යන්න. (නැත්නම් Ctrl + B ඔබන්න).

එහි ලැබෙන window එකේ තිබෙන sliders එහාට මෙහාට කර (Shadows, Midtones, Highlights ද select කර ඒවායේද වෙන වෙනම පාට වෙනස් කරගන්න) ඔබට අවශ්‍ය පාට පහත ඇති ඉමේජයේ මලේ ඇති ආකාරයට ලබාගන්න.





4) ඉන්පසු එම මලේ පහත කොටසද ඉහල දී ඇති ආකාරයට select කොට එහිද ගැලපෙන පරිදි පාටක් යොදන්න.


5) අවසානයේදී ඔබට මෙවැනි ඉමේජයක් ලැබෙනු ඇත.


මෙම tutorial එකේ ඔබට අපැහිදිලි තැනක් තිබේ නම් මෙතන comment කර ඒ බව අසන්න. මෙයින් ඔබ යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන comment කරලම යන්න....

Share කරන්න....

13 ප්‍රතිචාර:

  1. CooooooL
    නියමයි...
    දවසට Turorials දෙක ගානෙවත් දුන්න නම් මරේ මරු.
    පුලුවන්නම් ඔය පාඩම් අස්සෙ Illustrator පාඩමකුත් ගෙනියන්න.

  1. බොහොම ස්තූතියි කමෙන්ට් එකට.... දවසට දෙක ගානෙ දාන එක ටිකක් අමාරු වැඩක්.... මොකද කාල වේලාව මදි.... ඒක හින්ද දවට එක ගානෙ දාන්න තමයි අපි උත්සහ කරන්නෙ....

    Illustrator පාඩම් දාන්න බැහැනෙ 'Photoshop සිංහලෙන්' කියල තියෙද්දි... :D

  1. පබලු said...:

    සරලව පාඩම් මාලවා කරගෙන යන්න ඉස්සරහටත් මේ වගේම.මමත් බලාගෙන ඉන්නවා ඉගනගන්න ඔයාගේ බ්ලොග් එක හරහා.

  1. අනිවාර්යයෙන්ම සහෝදරී..... අපි මේක දිගටම කරගෙන යනව.....

  1. namila said...:

    ela ela..try karala balamu..thankz

  1. colour balance කියන එක active වෙන්නේ නෑනේ...
    ඒකට මොකද කරන්නේ...

  1. මේක කරනකොට Gray තියෙන ඉමේජ් එකක්නම් ඒක RGB හරි CMYK හරි විදියට Convert කරගන්න ඕනි නේද? ඔය සම්පත්ට වෙලා තියෙන්නෙ ඒක තමයි.

  1. @සම්පත් - මේ ටික කරන්න කලින් Image menu එකේ Mode කියන එකට ගොස් එහි ඇති RGB Color හෝ CMYK Color එකට මාරු කරන්න.... එතකොට Colour Balance එක active වෙයි.... :) සමාවෙන්න මට ඒක tutorial එකේ කියන්න අමතක උනා....

    @Praසන්ன - බොහොම ස්තූතියි කමෙන්ට් එකට....

  1. Anonymous said...:

    ඇතතමයි කියල වැඩක් නෑ නියමයි.

  1. Anonymous said...:

    එලකිරි මචං.. ​දිගටම කරගෙන යමු.... ඔබට ජය.......

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com