Photoshop පාඩම් අංක 5

Monday, October 25, 2010


සමාවෙන්න ඕනෙ අද tute එක දාන්න පරක්කු උනාට..... හරි එහෙනම් ඔන්න අද tutorial එක අපි බලමු.

අද මම කියල දෙන්න යන්නෙ image එකක corners (අග ඇති කොටස්) රවුම් කරගන්නා ආකාරයයි.

මේ සඳහා මම යොදා ගන්නේ පහත ඇති පින්තූරයයි.

 


1) මුලින්ම අපි මේ සඳහා අළුතින් Photoshop Document එකක් ඕපන් කරගනිමු. ඒ සඳහා File මෙනුවේ ඇති New කියන එක ක්ලික් කරන්න.(මෙහි මම පාවිච්චි කර ඇති size එක ඔබට අවශ්‍ය තරමට යොදා ගන්න)

 



2) දැන් ඔබට Corners රවුම් කිරීමට අවශ්‍ය image එක ඕපන් කරගෙන එය Move Tool එකෙන් ඔබගේ Work Space එකට ඇද දමන්න.

 



3) දැන් Tool Bar එකෙහි ඇති Rounded Rectangle Tool එක select කරගන්න. (නැතිනම් කීබෝඩ් එකෙහි "U" අකුර ඔබන්න)

 


4) දැන් ඔබට Corners වල තිබිය යුතු Radius එකෙහි අගය වෙනස් කිරීමට පුළුවන්. මම පාවිච්චි කර ඇත්තේ මෙයයි.

 

5) මීලඟට මේ Round Rectangle එක ඔබගේ image එක උඩින් ඇඳ ගන්න.

 


6) එහි හැඩය නියමාකාරව දැක ගැනීමට Opacity අගය 0% කරන්න.

 

7) දැන් යතුරු පුවරුවේ Ctrl යතුර ඔබාගෙන Layer Palette එකෙහි ඇති Shape1 කියන Layer එක කරන්න. එවිට ඔබට පෙනේවි Shape එක select වී ඇති ආකාරය.

 



8) මීලඟට Select මෙනුවේ ඇති Inverse කියන එක ක්ලික් කරන්න.

ඉන්පසු ඔබේ පින්තූරය ඇති layer එක ක්ලික් කර යතුරු පුවරුවේ Delete බොත්තම ඔබන්න. දැන් ඔබේ selection සියල්ල Deselct කරන්න.

අවසානයේදී ඔබට මෙවැනි රවුම් අග කොටස් ඇති image එකක් ලැබෙනු ඇත. 




මෙහි අපැහිදිලි යමක් තියනවනම් මෙතන comment කර ඒ ගැන අහන්න. මේයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තනම් ඒ ගැනත් comment කරලම යන්න.


Share කරන්න....

2 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    this is very simple one , select advanced mode :)

  1. @Anonymous - Yes... i know it's a simple one... but in this blog we are teaching from the basics... by the time we will put more advanced things too... and by the way please put your name when commenting....

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com