Photoshop Tools භාවිතය

Saturday, November 6, 2010

මට සමාවෙන්න ඕනෙ මම මේ දාන්නෙ මේ බ්ලොග් එකේ මුලටම දාන්න තිබ්බ පෝස්ට් එකක්. මේකෙන් ඔයාලට කියල දෙන්නෙ Photoshop වල ඇති විවිධ tools භාවිතා වෙන ආකාරයයි. මේ පෝස්ට් එක ඔබට අවශ්‍ය විට බලාගැනීම සඳහා අපේ බ්ලොග් එකේ වම් පස ඇති sidebar එකේ මේ පෝස්ට් එකට කෙලින්ම සබැඳියක් ලබා දුන්නා. අපි එහෙනම් බලමු Photoshop Tools භාවිතා වෙන විදිහ.



1) Rectangular Marquee Tool (M)


මෙම ටූල් එක භාවිතා වෙන්නේ image එකක කොටසක් සෘජුකෝණාස්‍රාකාර හැඩයට සිලෙක්ට් කිරීම සඳහාය. මෙයින් සිලෙක්ට් කිරීමෙන් පසු සිදු වෙන සියලු වෙනස්කම් සිදුවෙන්නේ සිලෙක්ට් කරපු කොටසේ පමණි. 

2) Move Tool (V)


මේ ටූල් එක භාවිත වෙන්නේ කැන්වසය (Photoshop තුල වැඩ කරන කොටස) තුල ඇති ඕනෑම වස්තුවක් එහාට මෙහාට කිරීමටය. මෙයින් Move කරන විට තනි කෙලින්ම හරහට හෝ කෙලින් අතට වස්තුව Move කිරීම ඳහා Shift බොත්තම තද කරගෙන Move කරන්න.

  3) Lasso Tool (L)


මේ ටූල් එක භාවිතා වෙන්නේ image එකක සංකීර්ණ කොටසක් වඩාත් පහසුවෙන් සිලෙක්ට් කිරීමටයි. මෙහි ටූල්ස් තුනක් තිබෙනවා. ඒවා Lasso Tool, Polygonal Lasso Tool හා Magnetic Lasso Tool යන ඒවාය. Lasso Tool එකෙන් අපිට පෑනකින් අඳිනවා මෙන් අපිට අවශ්‍ය කොටස් වටා මවුස් එකේ වම් පස තද කරගෙන යෑමෙන් එම කොටස සිලෙක්ට් වෙයි. Polygonal Lasso Tool එකෙන් අපට තවත් විදිහකට සිලෙක්ට් කිරීමට පුලුවනි. එයින් බොහෝවිට සිලෙක්ට් කෙරෙන්නේ රවුම් නොවන ප්‍රදේශ පමණි. මේ සඳහා අවශ්‍ය කොටස වටා විවිධ තැන් (Points) ක්ලික් කර අවසානෙට මුලින් ම ක්ලික් කරපු තැනම නැවත ක්ලික් කිරීමෙන් Selection එක සාදා ගැනීමට පුළුවන. Magnetic Lasso Tool එක දැනට බොහෝ දෙනා සිලෙක්ට් කිරීමට භාවිතා වෙන ටූල් එකයි. එයින් වඩාත් පහසුවෙන් සිලෙක්ට් කිරීමට හැකිය. එහි කිරීමට ඇත්තේ අවශ්‍ය කොටස වටා එක තැනක් පමණක් ක්ලික් කර Mouse Pointer එක රැගෙන යාම පමණි. ඔබට අවශ්‍ය නම් ක්ලික් කර කර යන්නටද පුලුවන්. අවසානෙට අර කලින් ටූල් එකේ කරා වගේ මුලින්ම ක්ලික් කරපු පොයින්ට් එක ක්ලික් කරන්න.

4) Magic Wand Tool (W)


මෙයත් තව සිලෙක්ට් කර ටූල් එකකි. මෙයින් සිලෙක්ට් වෙන්නේ පාට අනුවය. එකම පාටින් ඇති කොටස් පහසුවෙන් සිලෙක්ට් කිරීමට හැකිය.

5) Crop tool (C)


මෙය Rectangular Marquee Tool එකට බොහෝ දුරින් සමානය. එකම වෙනස ඇත්තේ මෙයින් සිලෙක්ට් කරගන්නා කොටස Enter බොත්තම එබීමෙන් පසුව crop වීමය. සිලෙක්ට් නොවුන කොටස Delete වෙයි. නමුත් මෙය Undo කර හැක.

6) Slice Tool (K)


මෙය බොහෝ විට භාවිතා වෙන්නේ වෙබ් අඩවි හදන විට හෝ ඉමේජ් එකක් පොඩි පොඩි කොටස් වලට save කරන විට වෙන් කිරීම සඳහාය.

7) Healing Brush Tool (J)


මෙය බොහෝ ප්‍රයෝජනවත් වන Tool එකකි. මෙයින් image එකක ඇති හිස්තැන්, කඩතොලු සහ එවැනි කොටස් හරි ගැස්වීමට පුළුවනි. මෙය පහත ඇති Brush Tool එක මෙන් වැඩ කරයි. මුලින්ම Cursor Size එක සිලෙක්ට් කර ඉන්පසු ඉමේජයෙහි ඇති කඩතොලු නොවූ ප්‍රදේශයේ කොටසක් Alt බොත්තම ඔබාගෙන සිලෙක්ට් කර ඉන්පසු Alt බොත්තම අතහැර කඩතොලු වූ ප්‍රදේශය එයින් පාට කරන්න. අවසානයේදී එය සොයාගත නොහැකි ආකාරයට සෑදේ.

8) Brush Tool (B)


මෙයින් අපට image එකකින් උඩින් විවිධ හැඩ වලින් (මෙය තීරණය වෙන්නේ ඔබ install කර ඇති Brush මතය) විවිධ පාට භාවිතා කරමින් ඇඳිමට හැකිය. මෙහි size එකද ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැක.

9) Clone Stamp Tool (S)


මෙය බොහෝ දුරට Healing Brush Tool එකට සමානය. එකම වෙනස ඇත්තේ මෙයින් වෙන්නේ අපි select කරගන්නා කොටස එම ආකාරයටම copy වෙන එක පමණි. මෙහි Healing Brush Tool එකේ වගේ අවසානයට සුදුසු ආකාරයට සැකසෙන්නේ නැත.

10) History Brush Tool (H)


මෙය Brush Tool එක මෙන් වැඩ කරයි. නමුත් මෙයින් වෙන්නේ අප අඳින කොටස පමණක් image එකේ මුල් අවස්ථාවේ තිබූ ආකාරය වෙනු ඇත. එම ආකාරය අපට History Palette එකෙන් වෙනස් කරගත හැක.

11) Eraser Tool (E)


මෙයින් ඔබට අවශ්‍ය කොටස් මකා ගැනීමට පුළුවනි. Layer දෙකක් තිබෙන විටදී මෙයින් මැකූ විට උඩින් ඇති Layer එකේ ඇති ප්‍රදේශය මැකී Background Layer එක පෙනෙනු ඇත.

12) Gradient Tool (G)

මෙයින් ඔබට කැන්වසය මත පාට දෙකක් හෝ ඕනෑම ප්‍රමාණයක් යොදා ගෙන සංකලනයක් (gradient) එකක් සාදා ගත හැක.

13) Blur Tool (R)


මෙයින් ඔබට ඉමේජයේ ඇති කොටස් අපැහිදිලි (blur) කිරීමට පුළුවන්.

14) Dodge Tool (O)


මෙයින් ඉමේජයක කොටස් ආලෝකමත් (light) කර හැකිය. නමුත් තනි කළු පසුබිමක් මෙසේ කල නොහැක.

15) Path Selection Tool (A)


මෙය භාවිතා වෙන්නේ paths සමග ඇඩ කරන විටය. මෙය පහල ඇති Pen Tool එකට සම්බන්ධය.

16) Horizontal Type Tool (T)


මෙයින් අපට ඉමේජයක් මත text එකක ටයිප් කිරීමට පුලුවනි. මෙය ඇදගෙන් පෙට්ටියක් ඇඳිමෙන් හෝ එක තැනක් ක්ලික් කිරීමෙන් ටයිප් කිරීමට පුළුවන්.

17) Pen Tool (P)


මෙය භාවිතා වෙන්නේ Path ඇඳීමටය. Path Selection Tool එක භාවිතා වෙන්නේ මෙයින් අඳින Path සිලෙක්ට් කිරීම සඳහාය. මෙයින් අපට clipping paths හෝ selctions සෑදීමට යොදා ගත හැකිය. මෙහි පොයින්ට් එකක් සෑදීමට එකතැනක් ක්ලික් කරන්න නැතිනම් ක්ලික් කර ඇදගෙන යෑමෙන් Path එකේ හැඩය වෙනස් වෙනු ඇත. 

18) Rectangle Tool (U)


මෙයින් අපට සෘජුකෝණාස්‍රාකාරයක් ඇඳ ගත හැක. මෙය ඔබ යොදා ඇති Foreground Colour එකෙන් පිරෙනු ඇත.

19) Notes Tool (N)
 
  
මෙය භාවිත වෙන්නේ ඔබේ Photoshop file එකට කුඩා Note එකක් දැමීම සඳහාය. මෙය යොදා ගත හැක්කේ .PSD ෆයිල් වල පමණි.

20) Eyedropper Tool (I)


මෙයින් ඔබේ Foreground පාට ඔබ ක්ලික් කරන තැන ඇති පාටට වෙනස් වේ. Alt බොත්තම ඔබාගෙන ක්ලික් කිරීමෙන් Background පාට වෙනස් කල හැක.

21) Hand Tool (T)


මෙයින් මුළු window එකම move කිරීමට හැකිය. Zoom කල විටදී ඉමේජය එහා මෙහා කිරීමේදී මෙය ප්‍රයෝජනවත් වේ.

22) Zoom Tool (Z)


මෙයින් ඔබට ඉමේජය ලං කර බැලීමට පුළුවන. Alt බොත්තම ඔබාගෙන ක්ලික් කිරීමෙන් Zoom Out කර හැක. 

23) Colour Boxes

 

 මෙහි Foreground පාට වන්නේ උඩින් ඇති පාටය. Background පාට වන්නේ යටින් ඇති පාටය. මෙහි ඇති එක පාටක් ක්ලික් කිරීමෙන් එම පාට උඩට හෝ පහලට ගැනීමට හැකිය



මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න.

Share කරන්න....

23 ප්‍රතිචාර:

  1. dilrasan.ek said...:

    nice post machan...!

  1. තෑන්ක්ස්.... :)

  1. අයියේ මම පොටෝෂෝප් අකුරු ටයිප් කරද්දි කැපිටල් අකුරුනේ වදින්නේ... Capslock එක දාලාත් නැ... අනේ ඒක හදාගන්න විදිහක් කියන්න‍කෝ... සිංහල වදින්නෙත් නැ...

  1. Lonely_Star said...:

    Godak ma thnxxx very very useful !

  1. dilrasan.ek said...:

    @ Admin : Trix Hunter -
    Font එක මාරු කරල බලන්න...සමහර Font වල Simple වදින්නේ නෑ..සිංහල වදින්නනම් Font තියෙන්න ඕනි...ඒව Contrl Panel ගිහින් Fonts කියන Folder එකට දාල තියෙන්න ඕනි..
    ඔය දේවල් කරලත් simple/සිංහල වදින්නේ නැතිනම් ඒක Photoshop Version එකේ අව්ලක් වෙන්න පුලුවන්...Portable එකක්ද Use කරන්නෙ?

  1. @ dilrasan.ek - මම හැම ෆොන්ට් එකක්ම බැලුවා..ඒත් නැ..මගේ එකේ සිංහල ෆොන්ට්ස් තියෙනවා.. පොටෝෂොප් 7 එක තමයි පාවිච්චි කරන්නේ.. පොටර්බල් නෙවෙයි... කෝ මේ අපේ ඇඩ්මින් අයියා නැනේ...

  1. @ Admin : Trix Hunter - එහෙම කැපිටල් අකුරු වදින්නෙ Photoshop වල විතරද? ඔයා සිංහල ටයිප් කරන්නෙ මොකෙන්ද? Photoshop 7 වල සමහර වෙලාවට Unicode ටයිප් කරද්දි පොඩි පොඩි අවුල් යනව. Version එක මාරු කරල බලන්න. මේකෙ මුල පෝස්ට් එකක අපි දාල තිබ්බ අලුත් Photoshop version වල ලින්ක්ස්. ඒකකින් බාගෙන් install කරල බලන්න.

    P.S. - dilrasan.ek කියන්නෙත් මේ බ්ලොග් එකේ admin කෙනෙක් තමයි.....

  1. @ dilrasan.ek - oh...mama ekak danne ne..sry...
    @ DiLeEpA MahamamA - balamu...

  1. Sachin said...:

    Godak Sthuuthiyi Yaluwa Loku Udauwak Kare

  1. Anonymous said...:

    ඉගෙන ගන්න අයට හරිම වැදගත්.....Thanks

  1. Gaminda said...:

    නියමෙටම නියමයි....
    ෆොටෝශොප් වල ටූල් බොක්ස් එකේ නොදන්න දේවල් ගැන හොඳට දැන ගත්ත තෑන්ක්ස්

  1. EASY said...:
    This comment has been removed by a blog administrator.
  1. Anonymous said...:

    මං පොටෝ ෂොප් ඉගෙන ගන්න අද ඉදන් පටන් ගන්නවා. ඔයාගෙ පාඩම් ඔක්කොම වටිනවා. තෑන්ක්ස්

  1. Anonymous said...:

    Ela ela... Thanks machooooo....

  1. chamara said...:

    කිසියම් ෆොටෝ 1 කට දමන ආකාරය පැහැදිලි කරන්න

  1. shasheni perera said...:

    it's great!!!! teacher

  1. kanchana said...:

    godak sathutuy mama denagena hitiyema ne photoshop ada idala patan gannawa oyalage udawwen

  1. Anonymous said...:

    elazzzzzzzzzzz

  1. hodai godaaaaaaaaaaaaaak

  1. sama said...:

    apita igena ganna godak dewal tiyenawa godak hodai.

  1. NuwanKI said...:

    Jayama Wewa Bro.... Godak Hoda wedak....

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com