Photoshop පාඩම් අංක 7 | Text එකකට වැඩක් දාමු...

Monday, December 13, 2010
ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ (මං හිතන්නෙ මාසෙකට විතර පස්සෙ) ඔයාලට tutorial එකක් දාන්න ලැබුනා. විවිධ හේතු නිසා මෙච්චර කාලයක් තිස්සෙම බ්ලොග් එකේ ලියන්න හම්බුනේ නැහැ. එහෙනම් ඉතින් වැඩිය කතා කරන්නැතුව අපි බලමුකො tutorial එක.


මීට කලින් Dilrasan අයිය දාල තිබ්බෙ ලස්සන effect එකක් text එකකට දාගන්න විදිහනෙ. ඉතින් මේ පාර මම කියල දෙන්නෙත් ඒ වගේම ලස්සන තවත් text effect එකක් ලේසියෙන්ම කරගන්න ව්දිහයි. එහෙනම් අපි බලමු ඒක කරන්නෙ කොහොමද කියල.


1) මුලින්ම ඔයාලට අවශ්‍ය size එකට අලුත් image එකක් Background එක Transparent ලෙස හදා ගන්න. මම මෙතනදී භාවිතා කරේ 1024x768 ප්‍රමාණයේ එකක්.




2) මීලඟට මෙම image එක කලු පාටින් fill කරගන්න. මේ සඳහා paint bucket එක භාවිතා කල හැක. ඉන්පසු සුදුපාටින් ඔබට කැමති text එකක් Text Tool එක භාවිතා කරමින් type කරගන්න. ඉන්පසු Layer Palette එකෙහි ඇති ඔබ සදාගත් text layer එක උඩ right-click කර Rasterize Type කියන එක ක්ලික් කරන්න. (සැ. යු. - Rasterize කිරීමෙන් පසු ඔබට ටයිප් කර ඇති text එක වෙනස් කරන්නට බැරිය.)


 3) මීලඟට නැවත Layer Palette එකෙහි ඇති ඔබ Rasterize කරගත් ලේයර් එක උඩ right-click කර Duplicate Layer කියන එක ක්ලික් කරන්න. එතකොට එම ලේයර් එකහි Duplicate එකක් සෑදෙයි. ඉන්පසු Layer Palette එකට ගොස් එම duplicate layer එක අසල ඇති ඇසක සලකුණ ක්ලික් කරන්න. එමගින් එම ලේයර් එක hide වෙයි.

දැන් මුලින් සදාගත් ලේයර් එක සිලෙක්ට් කර Edit Menu එකෙහි Transform කියන sub menu එකේ තියන Rotate 90° CW කියන එක ක්ලික් කරන්න.
ඉන්පසු Filter menu එකේ Stylize කියන sub menu එකේ තියන Wind කියන එක ක්ලික් කරන්න. ඉන්පසු ලැබෙන Wind Filter box එකේ ඇති Method එක සඳහා Wind ලෙස ලබා දී Direction එකට From the Right ලෙස ලබා දී OK කරන්න. දැන් නැවත මෙම Filter එකම apply කිරීමට Ctrl+F ඔබන්න.
දෙවනුව කලින් ලෙසටම කර Direction එක පමණක් From the Left ලෙස ලබා දී OK කරන්න. ආයෙත් Ctrl+F ඔබන්න. 



4) දැන්  Transform කියන sub menu එකේ තියන Rotate 90° CCW කියන එක ක්ලික් කරන්න. මීලඟට කලින් කරා මෙන් Wind Filter එක දෙපැත්තටම Apply කරන්න (From the Right හා From the Left). නමුත් මෙවර එක වරක් පමණක් Filter එක apply කරන්න (Ctrl+F ඔබන්න අවශ්‍ය නැත). 



5) මීලඟට Filter menu එකේ Distort කියන sub menu එකට ගොස් Ripple කියන එක ක්ලික් කරන්න. ලැබෙන box එක OK කරන්න. 



6) මින්පසු Layer Palette එකේ අපි Wind Filter එක දාපු ලේයර් එක උඩ right-click කර Merge Visible කියන එක ක්ලික් කරන්න.  ඉන්පසු Image menu එකේ Adjustments කියන sub menu එකට ගොස් එහි ඇති Colour Balance කියන එකට ක්ලික් කරන්න. (නැතිනම් Ctrl+B ඔබන්න). මෙයින් ඔබට අවශ්‍ය පාටක් sliders මඟින් සදාගෙන OK කරන්න.(මම යොදා ගෙන ඇත්තේ නිල් පාටට හුරු පාටක්ය). 



7) දැන් අපි මුලින්ම හදාගත්ත Duplicate ලේයර් එක Layer Palette එක ගොස් එම ලේයර් එක අසල ඇති ඇස ක්ලික් කර unhide කරන්න. ඉන්පසු Ctrl යතුර ඔබාගෙන Layer Palette එකේ ඇති එම ලේයරයේ thumbnail එක උඩ ක්ලික් කරන්න. එවිට එහි ඇති text එක පමණක් සිලෙක්ට් වෙයි. 

දැන් Select Menu එකේ Modify sub menu එකේ තියන  Contract කියන එක ක්ලික් කරන්න. ලැබෙන box එකේ pixel අගය 1 ලෙස යොදා OK කරන්න (මෙය ඔබේ text එකෙහි මහත එක අනුව ඔබට වෙනස් කර ගත හැක). දැන් Edit menu එකේ Fill කියන එක ක්ලික් කරන්න. එහි කලු පාට තෝරාගෙන OK කරන්න. දැන් selection එක උඩ right click කර Deselect කරන්න.
අවසානයේදී ඔබට මෙවැනි output එකක් ලැබෙනු ඇත.




මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න.

Share කරන්න....

17 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    Nice one, great work

  1. නියමයි සහෝදරයා !!!!! එල මම කරලා බැලුවා. ලස්සන effect දාන්න පුලුවන් නේ. දිගටම මේ බ්ලොග් එකට එන්න ඔන හින්දා මං මගේ බ්ලොග් ලිස්ට් එකටත් දා ගත්තා !!!

  1. Anonymous said...:

    niyamai machan..!!

  1. Lakshika Gayal said...:

    ayye ps 7.0 wala layer eka right click kalata "Merge Visible" 1kak nene.... :s

  1. හැමෝටම ස්තූතියි කමෙන්ට් වලට.....

    @Lakshika Gayal - Ctrl+Shift+E ඔබල බලන්න.....

  1. Godak Hoda Lipiyak.Mamath Igena gaththa.Thank You.

  1. ettama harim wedagath deyak,mn godak asawen 4toshop karanne :)

  1. Anonymous said...:

    අයියෙ මේකෙ කරන කොට ඒ අකුරු වල එක වෙනස් වෙන්නෙ නැත්තෙ ඇයි?
    ishara

  1. Anonymous said...:

    අයියෙ මේකෙ color balance කරන කොට ඒ අකුරු වල color එක වෙනස් වෙන්නෙ නැත්තෙ ඇයි?
    ishara

  1. @Ishara - මල්ලි... ඉස්සෙල්ලා ලේයර් එක Merge Visible කරල ඉන්න... එතකොට colour balance කරන්න පුළුවන්....

  1. Anonymous said...:

    හරි හරි අයියෙ ඒ ගැන ප්‍රශ්නයක් නෑ.මම ඇහුවේ color එක වෙනස් කරන කොට වටේ තියෙන රැලි සමග අකුරු වල color එක වෙනස් වෙන්නේ නැත්තෙ ඇයි කියලා

  1. වෙනස් වෙනවනෙ මල්ලි... background එක ඇරෙන්න අනිත් එව්වගෙ කලර් එක වෙනස් වෙනව.... background එකත් ලාවට වෙනස් වෙනව....

  1. Mac Wolf said...:

    මේ මම හදපු එක. තැන්ක්ස් මචන්!
    http://imageshack.us/photo/my-images/638/tytut.jpg/

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com