Photoshop බ්‍රෂ් | Ultimate Grunge Brushes

Monday, January 17, 2011
           

       හැමදාම අපි ඔයාලට අපේ බ්ලොග් එකෙන් දෙන්නෙ Photoshop tutorials නෙ. ඒක හින්ද අද මම ඔයාලට වෙනස් දෙයක් දෙන්න හිතුව. ඒ තමයි Photoshop වලින් වැඩ කරද්දි අවශ්‍යම දෙයක් වන Photoshop Brushes. මේවා පාවිච්චි කරල ඔයාලට පුළුවන් ලස්සන නිර්මාණ කරන්න. මේ බ්‍රෂ් install කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නෙ පල්ලෙහා මම දීල තියන .rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල extract කරල ඒකෙ ෆෝල්ඩර්ස් වල තියන එක එක ජාතියෙ බ්‍රෂ් (මේවා .abr කියන extension එක තියන ෆයිල්) ඩබල් ක්ලික් කරන එක විතරයි. එතකොට ඔයාලට Photoshop වල තියන Brush Preset වින්ඩෝ එකේ මේ install කරපු බ්‍රෂ් පෙන්වයි. ඊට පස්සෙ Brush Tool එක යොදාගෙන ඔයාලගෙ නිර්මාණය කරන්න පුළුවන්.

Share කරන්න....

Photoshop පාඩම් අංක 8 | Text එකකට වැඩක් දාමු 2

Thursday, January 13, 2011


ඕන්න යාලුවනේ 2011 අවුරුද්දේ පලවෙනි tutorial එක මම අද ඔයාලට ගෙනාව. එහෙනම් ඉතින් වැඩිය කතා නැතුව අපි යමුකො tutorial එකට. 

ඔයාලට මතක ඇති මම පාඩම් අංක 7න් ඔයාලට කියල දුන්නෙ ලස්සන text effect එකක් දාන හැටි. මම අද කියල දෙන්නෙත් ඒ වගේම ලස්සන text effect දාගන්න හැටියි. මේකට ඉංග්‍රීසියෙන් නම් කියන්නෙ Chrome Text Effect කියල. මම මේ කියල දෙන්න යන effect එක ගොඩාක් ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්. එහෙනම් අපි ඒක බලමු..

Share කරන්න....

අපි දැන් ට්විටර් එකෙත්...

Wednesday, January 12, 2011


ඔන්න යාලුවනේ අපේ බ්ලොග් අඩවියේ ට්විටර් පිටුවකුත් අපි පටන් ගත්තා. අපේ ෆේස්බුක් පිටුව වගේම අපේ ට්විටර් පිටුවත් අප්ඩේට් වෙයි. ඔයාලත් ට්විටර් එකේ ඉන්නවනම් අපේ පිටුව Follow කරන්න අමතක කරන්න එපා....


අපේ ට්විටර් පිටුව - http://twitter.com/PSSinhalen

Share කරන්න....

2011 දී අපි....

Tuesday, January 11, 2011

                   ඕන්න යාළුවනේ අවුරුද්දකුත් ගෙවිල ගියා. තව අලුත් අවුරුද්දක් පටන් ගත්ත. සමාවෙන්න ඕනෙ අපි ඔයාලට ලියන්න පරක්කු වුන එක ගැන. නමුත් අද ඉඳල ක්‍රමානුකූලව අපේ බ්ලොග් එක අපි අප්ඩේට් කරනව. ඒ සමගම අපේ බ්ලොග් එකේ වෙනස්කම් ගොඩක් අපි කරා.

Share කරන්න....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com