2011 දී අපි....

Tuesday, January 11, 2011

                   ඕන්න යාළුවනේ අවුරුද්දකුත් ගෙවිල ගියා. තව අලුත් අවුරුද්දක් පටන් ගත්ත. සමාවෙන්න ඕනෙ අපි ඔයාලට ලියන්න පරක්කු වුන එක ගැන. නමුත් අද ඉඳල ක්‍රමානුකූලව අපේ බ්ලොග් එක අපි අප්ඩේට් කරනව. ඒ සමගම අපේ බ්ලොග් එකේ වෙනස්කම් ගොඩක් අපි කරා. එකක් අපි අපේ බ්ලොග් එකේ හැඩරුව වෙනස් කරා. තව එකක් නම් අපි අපේ බ්ලොග් අඩවියට අලුත් ඩොමේන් එකක් ගත්ත.


අපේ බ්ලොග් එකේ අළුත් ඩොමේන් එක - http://www.photoshopsinhalen.com/


ඔයාලට දැන් මේ ඩොමේන් එකෙන් අපේ බ්ලොග් එක බලාගන්න පුළුවන්. ඒ වගේම අපි මේ අවුරුද්ද තුල තවත් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනව. අපි ඔයාලට අපේ බ්ලොග් එකේ දාන tutorials ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකමක් ලබාදෙන්න කටයුතු යොදමින් පවතිනව. ඒ වගේම video tutorials දාන්න අදහසකුත් තියනව. මේ වගේ වැඩ ගොඩක් එක්ක අපි අපේ බ්ලොග් එක අලුත් අවුරුද්දේ අළුත්ම නැවුම් විදිහට ආරම්භ කරා. 

අපේ ෆේස්බුක් පිටුවටත් ඔබට Like කරන්න පුළුවන්. එම පිටුවේ අපේ බ්ලොග් එකේ අප්ඩේට්ස් සියල්ලම අපි දානව.

අපේ ෆේස්බුක් පිටුව - http://www.facebook.com/PhotoshopSinhalen


අපේ බ්ලොග් එක පටන් ගත්තේ 10-10-2010 නිසා ඉහත කියූ සියලු වෙනස්කම් එක්ක අපේ බ්ලොග් එක අද 11-1-2011 වෙනි දින නැවත පටන් ගන්නව.


ඔයගොල්ලන්ටත් අපේ බ්ලොග් එක තව තවත් දියුණු කරන්න අදහස්, ‍යොජනා තියනවනම් අපගේ ඊ-මේල් වන psdsinhalen@gmail.com හෝ admin@photoshopsinhalen.com වෙතට ඒවා එවන්න. නැතිනම් මෙතන කමෙන්ට් කරල ඒ ගැන  අපිට කියන්න. ඒ වගේම ඉහතදී අපි කියපු වෙනස්කම් වල අඩුපාඩු තියනවනම් ඒවත් අපිට කියන්න. ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර තමයි අපිට වටිනම දෙය.


එහෙනම් දැනට මම නවතින්නම්, නැවත ඔබව හමුවෙන තුරු.... ඔබට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!


~දිලීප මහානාම~


Share කරන්න....

2 ප්‍රතිචාර:

  1. අලුත් මුහුනුවරකින් ආයේ අපි අතරට ආපු එක ගොඩක් හොදයි. අර ටියුට් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුලුවන් එක නම් ගොඩක් වටිනවා. ඒ වගේම විඩියෝ ටියුට් ඔන්ලයින් බලන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පහසුකම් සලස්වනවා නම් ගොඩාක් වටිනවා.

    ඒ වගේම පුලුවන් නම් ෆෝරම් එකක් හදලා අපට තියෙන ෆොටෝෂොප් ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට ඔයාලගෙන් වගේම වෙන අයගෙනුත් උපදෙස් ගන්න පුලුවන් ක්‍රමයක් හදන්න පුලුවන් නම් ඒකත් වටිනවා.

    මගේ සුබ පැතුම් !!!!!!

  1. @මධුරංග - බොහොම ස්තූතියි යාලුවා ඔයාගෙ අදහස් වලට. අපේ සයිට් එකට ෆෝරම් එකක් දාන්න අපි හැකිතරම් උත්සහ කරන්නම් සහෝ. ඒ වගේම වීඩියෝ ටියුටුත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් සලස්වන්නම්. ස්තූතියි.

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com