Photoshop පාඩම් අංක 8 | Text එකකට වැඩක් දාමු 2

Thursday, January 13, 2011


ඕන්න යාලුවනේ 2011 අවුරුද්දේ පලවෙනි tutorial එක මම අද ඔයාලට ගෙනාව. එහෙනම් ඉතින් වැඩිය කතා නැතුව අපි යමුකො tutorial එකට. 

ඔයාලට මතක ඇති මම පාඩම් අංක 7න් ඔයාලට කියල දුන්නෙ ලස්සන text effect එකක් දාන හැටි. මම අද කියල දෙන්නෙත් ඒ වගේම ලස්සන text effect දාගන්න හැටියි. මේකට ඉංග්‍රීසියෙන් නම් කියන්නෙ Chrome Text Effect කියල. මම මේ කියල දෙන්න යන effect එක ගොඩාක් ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්. එහෙනම් අපි ඒක බලමු..

1) මුලින්ම ඔයාල අලුතෙන් image එකක් ගැලපෙන size එකකට හදා ගන්න. මම පාවිච්චි කරේ පහල තියන sizes.


 

2)  දැන් ඔයාල ඒ හදා ගත්ත image එකේ Backgorund එක තද අලු පාටින් Fill කරගන්න. ඊට පස්සෙ ටිකක් මහත ෆොන්ට් එකකින් ඔයාලට ඕනෙ text එක Background එකට උඩින් ටයිප් කරගන්න. ඒ text එකට සුදු පාට යොදන්න.


3) ඉන්පසු Text ලේයර් එක ඩබල් ක්ලික් කරල Layer Styles වින්ඩෝ එක ඕපන් කරගන්න. ඒකෙ Gradient Overlay කියන එකට යන්න. එතන තියන gradient එක උඩ ක්ලික් කරන්න (මෙය බොහෝ විට කලු සුදු gradient එකකි). එතකොට ඔබට අවශ්‍ය පරිදි gradient එකක් සාදා ගැනිමට පුලුවන් වින්ඩෝ එකක් ඕපන් වෙයි. එතනින් පාට හයක gradient එකක් හදා ගන්න. ඒ සඳහා මම භාවිතා කරේ පහත තියන පාටවල් ය.

(මෙම පාට ඇත්තේ Hex Code විදිහට නිසා, මේ කෝඩ් එකින් එක කොපි කර පාට සිලෙක්ට් කරන්න ලැබෙන වින්ඩෝ එකේ දකුණු පැත්තේ යට තියන Hex Code එක තියන තැනට පේස්ට් කරගන්න) 

වමේ සිට දකුණට ඇති පාට - #bedeec , #bcb7d7 ,  #f0c9d7 , #f5c8b5 , #f5f2ca , #dff3fe

පහත තියන screenshot එකේ විදිහට මේ පාට සියල්ල පිලිවෙලට හදා ගන්න. 


 

ඉන්පසු ඕක කරන්න. දැන් Gradient Overlay හි තියන Style කියන එක Radial ලෙස වෙනස් කරන්න. ඊට පස්සෙ Angle එක 0 කරන්න.

4) දැන් පහත තියන screenshot වල විදිහට ඒ ඒ Layer Styles වෙනස් කරගන්න.

මුලින්ම Satin කියන එකට ගිහින් පහත සඳහන් අගයන් ඇතුලත් කරගන්න.



ඊලඟට Inner Glow





ඊලඟට Outer Glow




මීලඟට Inner Shadow 




Inner Shadow හි Contour කියන තැන ඇති thumbnail එක ක්ලික් කර පහත සඳහන් ආකරට පොයින්ට්ස් එහා මෙහා කර සදා ගන්න.


 

මීලඟට Drop Shadow


ඉන්පසු Bevel and Emboss 


Bevel and Emboss හි Gloss Contour කියන තැන ඇති thumbnail එක ක්ලික් කර පහත සඳහන් ආකරට පොයින්ට්ස් එහා මෙහා කර සදා ගන්න.


 

දැන් සියල්ල OK කරන්න. 

මීලඟට අවසාන වශයෙන් Layer Menu එකට ගොස් New Adjustment Layer එකෙහි Exposure කියන එක ක්ලික් කරන්න. එවිට අලුත් Adjustment Layer එකක් සැදී තිබෙනු පෙනෙයි. ඉන්පසු දකුණු පස ඇති sliders එහා මෙහා කර පහත සඳහන් ආකරායට සදා ගන්න (මෙම sliders ඇති තැන Photoshop version එක අනුව වෙනස් වේ)


දැන් සියල්ල අවසානය. ඔබට අවසානෙට පහත ඇති ආකාරයේ output එකක් ලැබෙනවාදැයි බලන්න.



මේ tutorial එකේ තියන විදිහටම නොකොට ඔබට අවශ්‍ය පරිදි වෙනස් කම් කර අත් හදා බලන්න. ඔබට ඉතාමත් ලස්සන effect නිර්මාණය කරගත හැකි වෙයි.

Original Source - webtoolkit4.me
 
මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න.

Share කරන්න....

8 ප්‍රතිචාර:

  1. ජය වේවා!!! ස්තූතියි...

  1. බොහොම ස්තූතියි කමෙන්ට් වලට... :)

  1. නියම ඉෆෙක්ට් එකක් නේ. අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම දාපු ටියුට් එක නියමයි

  1. @මධුරංග - බොහොම ස්තූතියි සහෝ... :)

  1. Ravindu said...:

    බොහොම ස්තූතියි

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com