Photoshop පාඩම් අංක 9 | Text එකක් කුඩු කරමු...

Saturday, February 5, 2011



මෙච්චර කල් අපි අපේ බ්ලොග් එකේ දැම්මෙ Photoshop වල Basic ගනයට අයිති වෙන tutorials නෙ. ඔන්න අද මම ගෙනාවෙ ටිකක් විතර Advanced tute එකක්. මේකත් ගොඩාක් ලේසියි. වෙනසකට තියෙන්නෙ මේකට ටිකක් වෙලා යනව. එහෙනම් අපි යමුකො පාඩමට.


1) මුලින්ම ඔයාලට කැමති ප්‍රමාණයේ කැන්වසයක් හදා ගන්න. (මම පාවිච්චි කලේ 1920x1080px ප්‍රමාණයේ එකක්). දැන් කැන්වසය කළු පාටින් (#000000) පුරවගන්න (Paint Bucket Tool එකෙන්). දැන් Text Tool එක යොදා ගනිමින් කැන්වසය මැද විශාල අකුරින් ඔබට අවශ්‍ය text එක (මෙහිදී නම් '2011') ටයිප් කරගන්න. එයට ටිකක් මහත ෆොන්ට් එකක් පාවිච්චි කරන්න. එම text එක සුදු පාට (#FFFFFF) කරන්න (text එක සිලෙක්ට් කර foreground colour එක සුදු පාට ලෙස යොදන්න). දැන් දකුනු පස පහල ඇති Layer Palette එකේ ඔබේ text layer එක සිලෙක්ට් කර Right-click කර Rasterize Layer කියන එක ක්ලික් කරන්න. මෙ මඟින් ඔබට එම ලේයරය edit කිරීමට පහසු කරයි. නමුත් Rasterize කල පසු ටයිප් කල text එක වෙනස් කිරීමට බැරිය.දැන් ඔබේ කැන්වසය පහත අයුරින් පෙනෙනු ඇත.




2) දැන් තමයි ටිකක් අමාරු කොටස. මුලින්ම අපි Rasterize කරපු ලේයර් එක සිලෙක්ට් කරගන්න. දැන් වම් පස ටූල් බාර් එකේ තියන Pen Tool එක සිලෙක්ට් කරගන්න. ඉන්පසු පහත ඉමේජ් එකේ තියන විදිහට හෝ ඔබට කැමති විදිහකට '2' කොටසක් සිලෙක්ට් කරගන්න(ක්ලික් කර කර ගොස් නැවත මුලින්ම ක්ලික් කරපු තැන ක්ලික් කරන්න). 


දැන් අපි ඇඳ ගත්තු පාත් එක උඩ Right-click කර Make Selection කියන එක ක්ලික් කරන්න. එවිට පැමිණෙන Box එකේ Radius එක '0' ලෙස සකස් කර අනිත් ඒවා තිබූ ලෙසම තියා OK කරන්න. දැන් ඔබට පහත ඇති ආකාරයට අපි කලින් ඇඳගත් පාත් එක Selection එකක් ලෙස පෙනෙනු ඇත. 


 


ඉන්පසු Selection එක Right-click කර Layer Via Cut ක්ලික් කරන්න. මින්පසු Move Tool එක ගෙන Mouse එක හෝ Keyboard එකේ Arrow Keys භාවිතා කරගෙන ඔබ Cut කරගත් '2' කොටස මදක් උඩට ගෙනයන්න.

 

මේ විදිහට මුලු '2' ම කොටස් වලට වෙන් කරන්න. නමුත් එක කොටසක් කපා ගත් පසු. දෙවන කොටස කපන විට ආයෙමත් මුල්ම Rasterize කරපු Text ලේයර් එක සිලෙක්ට් කරන්න අමතක කරන්න එපා. මෙම කොටස් ඔබට කැමති ආකාරයකට ලස්සන ඉව්දිහකට කපාගන්න පුළුවන්. මේ තියෙන්නෙ '2' සම්පූර්ණයෙන්ම කොටස් කරයින් පසු.

 

මේ විදිහට හැම අකුරක්ම කොටස් කරගන්න.



3) දැන් ඔබට හොඳ Concrete Texture එකක් හොයා ගන්න වෙනව. ඔබට යොදා ගන්න පුලුවන් Concrete Textures මෙතැනින් බාගන්න. මෙයින් ඔබට කැමති Concrete Texture එකක් අරගෙන ඔබේ කැන්වසය මතට ගේන්න. මෙම Concrete Texture ලේයර් එක Layer Palette එකෙහි ඔබේ අනිත් සියලුම ලේයර් වලට උඩින් තියන්න. එසේ තබා මෙහි Blending Mode එක Darken ලෙස යොදන්න (Layer Palette එකේ වම් පස උඩින් ඇති Drop Down Menu එකෙන් මෙය කල හැක).




මීලඟට Ctrl+Shift ඔබාගෙන Background Layer එක හා Concrete Texture Layer එක ඇරෙන්න අනිත් සියලුම ලේයර් වල thumbnails ක්ලික් කරන්න. මෙමඟින් අකුරු සියල්ල selection එකක් වෙයි. ඉන්පසු Concrete Textur Layer එක Layer Palette එකෙන් සිලෙක්ට් කර Layer Palette එකෙහිම යට ඇති Add Layer Mask බොත්තම ක්ලික් කරන්න.


4) දැන් කල යුත්තේ මේකට පොඩි Burn පාරක් දාමු. Concrete Texture Layer එක සිලෙක්ට් කර Burn Tool එක ගන්න. ඒකෙ Exposure අගය 50% ලෙස යොදන්න. දැන් සාමාන්‍ය ප්‍රමාණයේ රවුම් බ්‍රශ් එකක් ගෙන (මෙම බ්‍රශ් එකේ Hardness එක '0' ලෙස යොදන්න) අපේ Text එකේ edges ටික Burn කරගන්න.


5) මීලඟට Layer මෙනුවේ New Adjustment Layer හි ඇති Brightness/Contrast ක්ලික් කරන්න. මෙහි Brightness එක +14 ලෙසද Contrast එක +100 ලෙසද යොදන්න. දැන් අපි මුලින් කොටස් කරගත් ලේයර් වලින් එක ලේයර් එකක් Double Click කර පහත සඳහන් ආකාරයට Drop Shadow එක සකසා ගන්න.



ඉන්පසු ඔබ මෙම Layer Style එක දාපු ලේය් එක Right-click කර Copy Layer Style ක්ලික් කරන්න. ඉන්පසු සියලුම කොටස් කරගත් ලේයර් (Texture Layer, Adjustment Layer, Background Layer, මුල්ම Rasterize කරගත් ලේයර් යන ලේයර්ස් ඇරෙන්න අනිත් සියළුම ලෙයර්) Ctrl ඔබාගෙන සිලෙක්ට් කරගන්න. දැන් සිලෙක්ට් කරගත් එක් ලේයර් එකක් Right -click කර Paste Layer Style ක්ලික් කරන්න.


6) දැන් අපි මේකට පාට ටිකක් යොදමු. මේ සඳහා Layer මෙනුවේ New හි ඇති Layer ක්ලික් කරන්න (හෝ Ctrl+Shift+N). ඉන්පසු එහි පාට ලෙස කලු පාට යොදා එහි Layer Style එක Color Dodge ලෙස යොදන්න. දැන් ටිකක් මහත රවුම් බ්‍රශ් එකක් ගෙන (Hardness - 0%) එම බ්‍රශ් එකේ පාට ලෙස තැඹිලි, කොළ, රෝස, නිල් වැනි පාටවල් යොදා ගෙන Text එකේ edges එමඟින් පාට කරන්න. මේ විදිහට තැනින් තැන ලස්සන්ට පාට කරගන්න.


අමතරව ඔබේ Text එක වටේට කඩතොළු වී වගේ ඇත්නම් Texture Layer එක සිලෙක්ට් කර Blur Tool එක භාවිතා කර එම තත්වය මග හරවාගන්න.

7) අවසාන වශයෙන් මෙයට කැඩිච්ච වීදුරුවක image එකක් දාගමු. මේ සඳහා මෙම image එක බාගෙන එය ඔබේ කැන්වසය මතට ගෙන Layer Palette එකේ උඩටම ගෙන ගොස් එහි Blending Mode එක Linear Dodge ලෙස යොදා එහි අනවශ්‍ය කොටස් Eraser Tool එකෙන් මකා ගන්න.

ඔබේ output එක මෙසේ වනු ඇත. (Tutorial එකට මේක හදිස්සියේ කරපු නිසා Output එකේ අඩුපාඩු තියෙන්නට පුළුවන්. එය ගැන කණගාටුව පලකරනව)


මම මේ Effect එක භාවිතයෙන් කරපු තව නිර්මාණයක්.

 
 මේ tutorial එකේ තියන විදිහටම නොකොට ඔබට අවශ්‍ය පරිදි වෙනස් කම් කර අත් හදා බලන්න. ඔබට ඉතාමත් ලස්සන effect නිර්මාණය කරගත හැකි වෙයි.

Original Source - creativeoverflow
මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න. මහන්සි වෙලා හද tute වලට කමෙන්ට් එකක්වත් නොදා යන්න එපා.

Share කරන්න....

17 ප්‍රතිචාර:

  1. iplus said...:

    ෂා.... පට්ට. බොහොම ස්තූතියි සහෝ!! දිගටම ලියන්න. මගෙන් සුබපැතුම්!

  1. නියමයි මචන්. එල. පට්ට වැඩක්. මචන් අන්තිමට ඕකේ PSD එකයි Font ටිකයි ඩවුන්ලොඩ් කර ගන්න දෙනවා නම් ගොඩක් වටිනවා. මොකද ඕවා හොයන්න ගියාම මාර චාටර්...

  1. Malaka said...:

    sure ayye.ayyala ma okama apita mail karanna barida.......

  1. @Iplus - ස්තූතියි සහෝ...

    @ හැක්ක්‍රිෂ් - අනිවා දෙනව... මේකෙ PSD එකේ පොඩි පොඩි අවුල් වගයක් තිබ්බ... මං හරියට කරල දාන්නම්... ෆොන්ට් එකත් දෙන්නම්.... ;)

    @Malaka - Email Subscription Widget එකක් ලඟදිම දානව... එතකොට ඔයාලට අපේ බ්ලොග් එකේ updates කෙලින්ම inbox එකටම ගෙන්න ගන්න පුළුවන්.... :)

  1. dilrasan.ek said...:

    හොඳ Tute එකක් සහෝ...මරු..!

  1. Anonymous said...:

    wadenam elakiri.eth post danna sahenna kalayak yanawane.ane ikmanata post danna.apita loku udawwak ;)

  1. @Dilrasan.ek - තෑන්ක්ස් සහෝ... :)

    @Anonymous - අපිට ටියුට් හදන්නත් ටික කාලයක් යනවනෙ සහෝ... එකයි පෝස්ට් දාන්න ටිකක් කල් යන්නෙ... ඒක ගැන සමාව ඉල්ලනව... කරුණාකරල Anonymous වෙන්න එපා කමෙන්ට් කරද්දි... නමත් එක්කම කමෙන්ට් එක දාන්න... :)

  1. Tharu~~C~~ said...:

    maxxa post ekak machan

  1. මෙකනම් මාරයි.....මෙ වගේ මාර එවා දිගෙන් දිගටම දාමු...:D :D

  1. ayya oya font eke nama mokakdda

  1. නියම ටියුට් එකක් නේ. මල්ලි පුලුවන් නම් ඔයාලා පාවිච්චි කරන ෆොන්ට් ටික දාන්න. එතකොට ඔය ටියුට් එක කරන්න ගොඩක්ම ලේසියි.

    ඔන්න අද තමයි මේ ටියුට් එක කියවන්න වෙලාවක් ලැබුනේ.

  1. ඇත්තටම ගොඩක් හොද පාඩමක්.ගොඩක් වටිනව....

  1. තවත් පොඩි දෙයක්... මෙතන තියෙනව මම Upload කරපු Fonts වගයක් Photoshop වලට වැදගත්වෙයි කියල හිතනව..... මෙන්න Link 1 මෙතනින් බාගන්නකො
    http://www.mediafire.com/?w3xot6jhw2a2cl8

  1. @Charith Yashodha - මේකෙ නම Illusion ඒ වුනාට මේ ටියුට් එකට ඕනම මහත ෆොන්ට් එකක් හරි යනව.

    @මධුරංග - ස්තූතියි සහෝ... ඊලඟට දාන ටියුට් එකේ ඉඳල අපි ෆොන්ට් එකත් දෙන්නම්... :)

    @කෙෂාන් විදුරංග - ස්තූතියි සහෝ... මමත් ෆොන්ට් ටිකක් දාන්නම් ඉස්සරහට.. :)

  1. Lakshika Gayal said...:

    PS 7 wala Layer Via Cut kiyala ekak nene :?

  1. ඇත්තෙන්ම නියමයි.හැක්‍රිශ් කියුව වගේ අන්තිමට Fontඑකයි PSD එකත් ලබාදෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව.දිගටම ලියන්න අපි අනිවා බලනව :)

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com