Photoshop පාඩම් අංක 10 | Bokeh Effect එක සාදා ගමු....

Saturday, March 19, 2011


 මෙම ලිපි‍යේ සම්පූර්ණ අයිතිය Nadimal Dassanayake සතුය.

                       අද මම පෙන්නන්න යන්නෙ බොහොම ලස්සන background effect එකක් පින්තූර කඩෙන් හදාගන්න හැටි. මේකට Bokeh Effect කියල තමයි කියන්නෙ. මේක ගොඩක් තැන්වල අපිට දකින්න පුලුවන් effect එකක්. ගොඩක් වෙබ් සයිට් වල, බ්ලොග් වල මෙ Bokeh කලාව යොදගන්නව ඔයලා දැකලා ඇති.
 


1) පළමුවෙන්ම Photoshop විවෘත කරෙගන, file>New ගිහින් හිස් ලේයර් එකක් සාදා ගන්න.
දැන් ටූල් බාර් එකෙන් Elliptical Marquee Tool(M) තෝරගෙන රවුමක් ඇඳගන්න.



 

2) එක කලු පාටින් ෆිල් කරගෙන Opacity එක 50-60% විතර අඩුකරගන්න(රවුම වටේ සිලෙක්ශන් එක නැතිකරන්න Ctrl+D). දැන් එම ලෙයර් උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Blending Option වලින් Stroke එකක් දෙන්න එක කලු කරන්න size එක 8px විතර දෙන්න.වෑඩිය ලොකු එකක් දෙන්න එපා එතකොට බ්‍රෂ් එක කැතට පෙනෙවි.


3) අපි හදාගත්තු මේ brush එක සේව් කරගමු. ඒකට Edit>Define Brush ගිහින් කැමති නමක් එහෙම දීලා සේව් කරගන්න පුලුවන්.



4) දැන් අපි හදාගත්ත මේ බ්‍රෂ් එකේ පින්සල් පහර වැදෙන හැටි හදාගන්න ඕනෙ. ඒකට Window>Brushes ගිහින් එහෙම නෑත්නම් f5 යතුර ඔබන්න.
එවිට එන පැනල් එකන් අපි සදාගත් Brush එක තොරලා ගන්න. ඒකට මෙ පහල තියෙන පින්තුරෙ විදියට settings හදාගන්න.


   
5) දැන් අපි අපේම brush එකක් හදාගෙන ඉවරයි. දැන් අපි image එක හදන්න පටන් ගමු.
File>New ගිහින් 1200‍x800 ප්‍රමාණයේ හිස් ලේයර් එකක් සාදා ගන්න. ඒක තද අලු පාටින් ෆිල්
කර ගන්න.
අපි මේක ටිකක් ලස්සන කරගෙන ඉමු.
Layer panel එකන් අපි හදාගත්ත අලුත් ලේයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරල Blending Option වලින් Gardient overlaley තෝරලා ගන්න.මම මෙතනදි කරපු වෙනස්කම් පහල පින්තුරෙයේ පෙන්නලා තියෙනවා.
Blend Mode එක Overlay Style එකට තමන් කැමති එකක් ගන්න පුලුවන්. මම මෙතන ගත්තෙ එක Linear Style එක. මම මෙතන ගත්තෙ තදපාට ටිකක් (Hex Color Code 24005a 013f57 4a024b 793d04)
 


6) දැන් Layer panel එකේ යට තියෙන folder අයිකන් එක ක්ලික් කරල New Group එකක් හදාගන්න.එකෙ Blending Mode එක Color Dodge විදියට වෙනස් කරගන්න group එක ඇතුලෙ අලුත් ලෙයර් එකක් හදාගෙන පින්සල ප්‍රයොජනයට ගමු එහෙනම්.


7) Brush එකෙ size එක ටිකක් ලොකු කරගෙන පින්සල් පහරවල් ටිකක්  මේ විදියට දෙන්න. ඔයලට පෙනවා ඇති ඒකෙන් අහබු ලෙස ප්‍රමානයෙන් වෙනස් වූ රවුම් හැදෙනව.
 
 

8) දැන් Filter>Blur>Gaussian Blur ගිහින් Blur එක 18pxක් වගෙ දෙන්න එතකොට මෙහෙම ඒවි.



9) ආයිමත් අලුත් ලෙයර් එකක් group එක ඇතුලේ හදල, Brush size එක පොඩි කරල කලින් විදියටම පින්සල් පහරවල් ටිකක් මේ විදියට දෙන්න. මෙකේ Blur එක 4px විතර දෙන්න.



10) මේ අන්තිම වැඩේ. අලුත් ලෙයර් එකක් group එක ඇතුලේ හදල ඒකෙ brush size ලොකු පොඩි කරමින් ගැලපෙන විදියට විදියට පින්සල් පහරවල් ටිකක් දෙන්න. දැන් ඉතින් අපේ image එකේ වැඩ ඉවරයි.



 

මෙන්න අවසාන ප්‍රතිඵලය

 

මෙ image හදල තියෙන්න කලින් හදපු image එකේම Gradient එක වෙනස් කරලා විතරයි.

 
අපි හදපු image එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එකයි මේකෙම image ටිකකුයි මෙතනින් බාගන්න.

මෙම ලිපිය එහි කතෘ වන Nadimal Dassanayake ගේ සම්පූර්ණ අවසරය ඇතුව උපුටා ගන්නා ලද්දකි.

මෙම පාඩම පිලිබඳ ගැටලු ඇත්නම් පහත සඳහන් ඊමේල් වලට ඒවා යොමු කරන්න.

nadimaldassanayake@yahoo.com (කතෘ ගේ ඊමේල් ලිපිනය)
හෝ 
psdsinhalen@gmail.com or admin@photoshopsinhalen.com 

Share කරන්න....

12 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    wow.meka karana heti hitha ganna beruwa hitiye.great work

  1. Anonymous said...:

    thanks machan!

  1. පට්ට ජයවෙවා!!!!

  1. නියමයි මල්ලි ටියුට් එක නම්. පට්ට

    ජය වේ වා.

    ප.ලි. - මල්ලි දවසක old paper , rolled paper, water drops වගේ ඉෆෙක්ට් ටිකත් ටියුට් වලින් දාන්න පුලුවන් නම් වටිනවා

  1. @මධුරංග - OK සහෝ... ඒ වගේ ඉෆෙක්ට් හදන විදිහ ගැනත් ටියුට් ටිකක් හොයල දාන්නම්... ;)

  1. Maxxxa, නියමයි සහෝ... අපේ සහෝදරවරු ෆොටෝෂොප් ටූල් වලින් හරියට වැඩ ගන්නේ නෑ. මේ වගේ අළුත් දේවල් කියලා දෙන එක ගොඩාක් අගය කරනවා. දිගටම කරගෙන යන්න සුභ පැතුම්... !!!

  1. ayye digatama wade kara gena yanna....sira wadak anith ayatath adarshayak...

  1. sweeti said...:

    mage Elliptical 1a Blending Option walata gihen Stroke hadanna haduwata anne naha ne ai a kiyala kiyannako mulu Elliptical 1a ma kalu wenawa ne ai a kiyannako

  1. niyamai maru wadak.kiyanna sthuthi karanna wachana na.puluwan nam me padam tikath download kara ganna link dhenawadha

  1. niyamai maru wadak.kiyanna sthuthi karanna wachana na.puluwan nam me padam tikath download kara ganna link dhenawadha

  1. niyamai maru wadak.kiyanna sthuthi karanna wachana na.puluwan nam me padam tikath download kara ganna link dhenawadha

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com