Photoshop පාඩම් අංක 13 | Image එකකට අමුතු ගතියක් දෙමු... (Part 2)

Thursday, August 4, 2011


ඔයාලට මතක ඇතිනෙ මම ගිය සතියෙ දාපු ටියුට් එක. (මතක නැත්තන් මෙතනින් යන්න) අද මම ඒකෙ දෙවෙනි කොටස තමයි දාන්නෙ. ඒ වගේම තවත් effect දෙකක් දාන හැටි තමයි මේ ටියුට් එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ. මේ ක්‍රම දෙකත් කලින් දෙක වගේම ඔයාලට බොහොම පහසුවෙන් කරන්න පුලුවන්. එහෙනම් අපි යමු ටියුට් එක බලන්න.

තුන්වෙනි ක්‍රමය

1) මුලින්ම ඔයාලගෙ ෆොටෝ එක Photoshop එකට ගන්න (Drag and Drop)

 


2) දැන් අපි කලින් ටියුට් එකේ කලා වගේ Layer Palette එකට ගිහින් එතන තියන Background ලේයර් එක Right-click කරල Layer from Background කියන එක ක්ලික් කරන්න. දැන් ආයෙමත් Right-click කරල Duplicate Layer කියන එක ක්ලික් කරන්න. 

ඊට පස්සෙ Filter menu එකේ Artistic sub-menu එකේ Neon Glow කියන එකට යන්න. එත තියන sliders පාවිච්චි කරල ඔයාලට අවශ්‍ය විදිහට අගයන් දාගන්න. පින්තූරයට ගැලපෙන පාටක් එතනින් තොරලා දෙන්න. මම පාවිචි කලේ පහල තියන අගයන් සහ පාට.

 

3) දැන් Layer Palette එකට ගිහින් අපි Neon Glow එක දාපු ලේයර් එක සිලෙක්ට් කරල ඊට උඩින් Normal කියල තියන Layer Type එක Overlay කියන එකට මාරු කරන්න. Soft Light, Hard Light, Vivid Light, and Linear Light කියන Layer types දාලත් ඔයාලට බලන්න පුලුවන්.


දැන් බලන්න Output එක.

(Click to Enlarge)

 හතරවෙනි ක්‍රමය

1) කලින් වගේම ඉස්සෙල්ලම ඔයාලගෙ ෆොටෝ එක Photoshop එකට ගන්න.

 

2) දැන් කලින් වගේම Background ලේයර් එක Layer from Background කරගෙන Duplicate කරගන්න.

ඊට පස්සෙ Filter menu එකේ Blur කියන sub-menu එකේ Gaussian Blur කියන එකට යන්න. එතන තියන Radius එකේ අගය සාමාන්‍ය තරමට දාන්න. පින්තූරයේ තියන දේවල් අපැහැදිලි වෙන්නැති විදිහට. මම දැම්මේ පහල තියන අගයයි.


3) දැන් Layer Palette එකට ගිහින් අපි Gaussian Blur කරපු ලේයර් එක සිලෙක්ට් කරල ඒකෙ Opacity (Layer Palette එකේ දකුණු පැත්තෙ උඩ තියන) අගය 50% හෝ ඊට ආසන්න අගයක් ලෙස වෙනස් කරගන්න. 

අවසාන ප්‍රතිඵලය මෙන්න.

(Click to Enlarge)

Original Source - Digital Photography School


මෙම පාඩම බාගත කරගන්න - http://www.mediafire.com/?e62krcraobw010c

RAR Password - photoshopsinhalen
(පාඩම බැලීමට Adobe Reader අවශ්‍යයි)

 මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න.

එහෙනම් යලිත් ටියුට් එකකින් හමුවෙමු.

Share කරන්න....

4 ප්‍රතිචාර:

  1. නියම ටියුට් එකක්. මම් දැකලා තියෙනවා සමහර ෆෝටෝ වලත් මේ වගේ අමුතු ඉෆෙක්ට් දානවා. එතකොට නම් ෆොටෝ වලට අමුතු ගතියක් එනවා.

  1. Krish said...:

    Maru niyamai padama godak watinawa photoshop karana ayata thankz for this service

  1. ayye password eka ! Photoshop ????? ??? 14 -Typography 1.rar: CRC failed in the encrypted file Photoshop ????? ??? 14 -Typography 1.pdf (wrong password ?)kiyala enawa ne

  1. Anonymous said...:

    Photoshop gana monavathma nodanna ayatath A-Z photoshop kiyaladenna photoshop vala saralama devel ganath tutes publish karanna please. Mokada mamath photoshop valata godak asa but a gana monavathma nodanna kenek

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com