Photoshop පාඩම් අංක 14 | Typography 1

Saturday, November 12, 2011


Typography කියල කියන්නෙ Designing වැඩ වලදි අපිට හම්බ වෙන එක කොටසක් (මමත් ආසම subject එකක් :D). සරලව මේ Typography කියල අපි හඳුන්වන්නේ Text Effect වලට. මීට කලිනුත් අපි Text Effect ගැන ටියුට් දැම්මා. දැන් ටිකක් Advanced Text Effect දාන හැටි ඔයාලට කියල දෙන්නයි යන්නේ. Typography ටියුට් මම ඉදිරියේදීත් දාන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් අපි යමු V2 වල පලවෙනි ටියුට් එකට.

මේ ටියුට් එකෙන් ඔයාලට කියල දෙන්නෙ පහල තියන Text Effect එක හදාගන්න ආකාරයයි.



1) මුලින්ම අලුත් canvas එකක් අරගෙන කලු පාටින් Fill කරගන්න. මම භාවිතා කරේ පහත සඳහන් අගයන්.

 

2) ඔයාලට ඕනෙ Text එකක් හෝ Vector එකක් canvas එකට අරගෙන Layer Palette එකෙන් ඒ ලේයර් එක Right-click කරල Convert to Smart Object කරන්න. 

 
 3) දැන් Text හෝ Vector ලේ‍යර් එක hide කරගන්න (Layer Palette එකේ Layer Thumbnail එකට වම් පැත්තෙ තියන ඇහැක ලකුණ ක්ලික් කරන්න). ඉන්පසු අලුත් text box එකක් canvas එක වැහෙන්න ඇඳලා ඒකේ ඔබට අවශ්‍ය වගන්තියක් ටයිප් කරගන්න. (මම ටයිප් කර ඇත්තේ -PHOTOSHOP SINHALEN කියන වචන දෙකයි). ඉන්පසු මේ text එක Copy/ Paste කර canvas එක පිරෙන විදිහට Text Box එක ලොකු කරගන්න.

Font - ITC Avant Garde Gothic
Font Size - 16pt
Height Spacing - 16pt
Color - #404040

සියලුම අකුරු Capital ලෙස ටයිප් කරන්න.
 4) දැන් මේ Text Box එක වටේ තියන Anchor Points භාවිතයෙන් පොඩ්ඩක් ඇල කරගන්න.


5) දැන් අර කලින් අපි hide කරපු ලේ‍යර් එක unhide කරගන්න. ඉන්පසු ඒ ලේයර් එකේ Layer Thumbnail එක උඩ Ctrl එක්ක ක්ලික් කරන්න. එතකොට text එක උඩ selection එකක් වැටිල තියනවා පෙනේවි.

6) දැන් ආයෙමත් selection එක තියෙද්දිම ඒ ලේයර් එක hide කරගන්න.


7) දැන් අපි අර canvas එක පිරෙන්න ටයිප් කරපු text ලේයර් එක උඩ Right-click කරල Rasterize Type කරන්න. දැන් ඒ ලේයර් එකේ ඉන්නැද්දිම Edit>Cut කර Edit>Paste කරන්න. ඉන්පසු Move Tool එක අරගෙන ඒ paste වුන කොටස cut කරපු බවක් නොපෙනෙන විදිහට හරියට align කරගන්න. ඉන්පස්සෙ ඒ ලේයර් එක Right-click කර Blending Options වලට ගොස් Color Overlay එකක් දෙන්න ඔබට කැමති පාටකින් (මම දුන්නේ සුදු පාට).


 8) අවසාන වශයෙන් Layer Palette එකේ ඔක්කොම ලේ‍යර්ස් වලට උඩින් අලුත් ලේයර් එකක් හදාගන්න. (උඩම ලේයර් එක ක්ලික් කරලා Ctrl+Shift+N ඔබන්න). ඉන්පස්සෙ ඒක ඕනේ පාටකින් fill කරගන්න. ඉන්පසු ඒකෙ Fill අගය 0% කරන්න. දැන් එහි Blending Options වලට ගිහින් පහත සඳහන් විදිහට Inner Glow එකක් දෙන්න.


මෙන්න අවසාන ප්‍රතිඵලය.

මේ effect එක ඔයාලට කැමති විදිහකට අත්හදා බලලා ලස්සන නිර්මාණයක් කරගන්න පුලුවන්.

Original Source - abduzeedo.com

මෙම පාඩම බාගත කරගන්න - http://www.mediafire.com/?lcn299bq3v7x947

RAR Password - photoshopsinhalen.com
(පාඩම බැලීමට Adobe Reader අවශ්‍යයි)


මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න.



Share කරන්න....

5 ප්‍රතිචාර:

  1. samith said...:

    නියමයි මචන් !!! මේ සියිට් 1න් ගොඩක් දෙවල් ඉගන්න ගත්හ photoshop ගැන්න .බොහොම ස්තුති තව ටියුට්ස් දන්න් !!! :)

  1. Anonymous said...:

    මේක මේ පාඩමට අදාළ නෑ................
    මට දැනගන්න පුලුවන්න්ද ෆොටෝෂොප් වල සුන්හල අකුරු ටයිප් කරනකොට ඇතිවෙන ගැටළු මගහරවා ගන්න මොකද්ද කරන්න ඕනේ කියල .............. මොකද මම සිංහල යුනිකෝඩ් ටයිප් කරනකොට ඒවා හරි විදියට ටයිප් වෙන්නේ නෑ...........

  1. ayye 14 wena lesson eke rar file eke password eka (photoshopsinhalen) eka wada karanne na

  1. @KD Sameera Pulasthi - Tute 14 එකේ පාස්වර්ඩ් එක - photoshopsinhalen.com

  1. Anonymous said...:

    niyamai..jayawewa

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com